News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
18

මිනිස් උගුලකට හසු වූ කොටියෙකු ගසක සිරවෙයි

699 Views


මිනිස් උගුලකට හසු වූ කොටියෙකු ගසක සිරවෙයි

ශ්‍රි පාද රක්ෂිතයේ සැරි සැරු හොදින් වැඩුණු කඳුකර කොටියෙකු ගසක සිර වි ඇති බව වාර්තා වනවා.

මෙම කොටියා මද්දකට හසු වී ඇති අතර පසුව ඌ මද්ද කඩාගෙන මෙම රූස්ස ගසට නැග ඇති නමුත් මද්දේ කොටසක් කොටියාගේ ඇගෙහි තිබෙන නිසා ඌට ගසෙන් බැස ගැනීමට නොහැකිව සිර වි ඇති බව නල්ලතන්නිය වන ජිවි කාර්යයාල පවසනවා.

මස්කෙලිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න වත්තේ එලවළු කොටුවක දඩයම්කරුවන් පිරිසක් විසින් අටවා තිබු මද්දකට මෙම කොටියා හසු වි ඇති බව සදහන්.

පශු වෛද්‍යයවරයාගේ සහයෝගය ඇතිව මද්දට හසු වි සිටින කොටියා නිර්වින්දනය කර බේරා ගැනිමට කටයුතු කරන බව නල්ලතන්නිය වන ජිවි කාර්යාලය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post