කොරෝනා ව්‍යාප්තියට වගකිව යුතු නම් චීනයට ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, වෛරස් ව්‍යාප්තිය අත්වැරදීමකින් සිදු වූයේ නම් පමණක් චීනයට එයට එහි ප්‍රතිවිපාක විඳීමට සිදු නොවනු ඇති බවය.
කෙසේ වෙතත් චීනයට එරෙහිව ගනු ලබන පියවර මොනවාදැයි අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර නැත.
චීනයේ, වූහාන් නුවර කේන්ද්‍ර කරගනිමින් ව්‍යාප්තිය ඇරඹූ කොරෝනා වෛරසය ආසාදනයෙන් දිවි අහිමිවූවන් සංඛ්‍යාව 160,000 ඉක්මවන පසුබිමකදී අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
චීනය සහ අමෙරිකාව මීට පෙර ද කොරෝනා ව්‍යාප්තියට එකිනෙකා වගකිව යුතු බවට චෝදනා කරගත් නමුත් මෙතෙක් ඒ කිසිවක් තහවුරු වී නොමැත.
වෛරස් හඳුනාගැනීම සහ මර්දනය කිරීමේ හැකියාව පෙන්නුම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස චීනයේ, වූහාන් නුවර පර්යේෂණාගාරයකදී Covid-19 වෛරසය නිර්මාණය කර ඇතැයි පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
සත්‍ය ලෙස වෛරස් ආසාදනයෙන් චීනයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳව ද ජනපති ට්‍රම්ප් මෙහිදී සැක පළ කළා.