News Line| Off Air
Generic placeholder image

Apr
19

ලොව පුරා කොරෝනා බිලිගත් ජිවිත ගණන එක්ලක්ෂ හැට දහස දක්වා ඉහළ යයි

579 Views


ලොව පුරා කොරෝනා  බිලිගත් ජිවිත ගණන එක්ලක්ෂ හැට දහස දක්වා ඉහළ යයි

මේ වන විට සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 60,579ක් වන අතර ආසාධිතයන් සංඛ්‍යාව විසිතුන් ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.

වසංගත තත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති යුරෝපයේ මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

අමෙරිකාවෙන් ඊයේ(18) දිනයේ ද පුද්ගලයින් 1820 දෙනෙකු මියයාමත් සමග එරට සමස්ථ මරණ සංඛයාව 39,014ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

එරට ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට හත් ලක්ෂ 38,792ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවට නිවෙස්වලට වි සිටින ලෙස පනවා ඇති නීයෝග ලිහිල් කරන ලෙස බලකරමින් ඊයේ දිනයේ අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක උද්ඝෝෂණ සංවිධානය කර තිබු බව සඳහන්ය.

බලධාරිනගේ නියෝග හේතුවෙන් තම ව්‍යාපාර කටයුතුඅඩාල වන බව උද්ඝෝෂකයින් සඳහන් කර ඇත.

මේ අතර පනවා ඇති නියෝග ලිහිල් කිරීමට නම් අමෙරිතාව විසින් දෛනිකව සිදුකරන කොවිඩි-19 පරික්ෂණ ඉහළ නැංවිය යුතු බව එරට වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දි තිබේ.

මේ වන විට අමෙරිකාවේ දෛනකිව එම පරික්ෂණ එක් ලක්ෂ 50,000 සිදුකරන අතර එය පන්ලක්ෂය දක්වා ඉහළ නැංවිය යුතු බව ඔවුන් සඳහන් කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post