News Line| Off Air
Generic placeholder image

Apr
19

අද කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් හමු වූ ආසාදිතයින් 15 අතර ගැබිණි කාන්තාවක්

941 Views


අද කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් හමු වූ ආසාදිතයින් 15 අතර ගැබිණි කාන්තාවක්

අද (19) පස්වරුවේ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 15 දෙනකු හමුවුණා.

ඒ අතරට ගැබිණි කාන්තාවක්ද අයත්.

සෞඛ්‍ය අමාත්‍යාශය පවසන්නේ, සමස්ත රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගෙස් ඇති බවයි.

කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ කාන්තාව හා සෘජු සබඳතා පැවැත් වූ පුද්ගලයින් 56 දෙනෙකුගේ ජෛව සාම්පල පී.සී.ආර් පරීක්ෂණයට ඊයේ (18) දිනයේදී යොමු කළා.

ඒ අනුව ඔවුන්ගේ එම වාර්තාව අද පස්වරුවේ නිකුත් වූ බව සදහන්.

ප්‍රදේශයභාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ ඉන් දොලොස් දෙනෙකුට වෛරසය ආසානය වී ඇති බවයි.

එමෙන්ම ඊයේ දහවල් රෝහල්ගත කළ එම ප්‍රදේශයේම පදිංචි අයෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ අතර එම ප්‍රදේශයේම පදිංචි ගැබිණි කාන්තාවකට ඊයේ රාත්‍රියේ රුධිර වහනයවීම නිසා ඇයව රෝහල්ගත කර ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඇයට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඒ අනුව කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් අද වන විට වාර්තා වූ කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන 15ක්.

මේ අතර කෙසෙල්වත්ත කොවිඩ් නයින්ටීන් ආසාදිත කාන්තාවගේ සැමියාට ද වෛරසය ආසාදනය වීමත් සමඟ ඔහු සේවය කළ පෞද්ගලික සනීපාරක්ෂක කටයුතු සිදුකරන ආයතනයේ සේවකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල අද ලබාගත්තා.

ඒ කොළඹ මහනගර සභා භූමියේදීයි.


News Articles
Latest Videos
Most Popular Post