News Line| Off Air
Generic placeholder image

Apr
19

ජනපතිගෙන් ඉල්ලීමක්

631 Views


ජනපතිගෙන් ඉල්ලීමක්

ඇඳිරි නීතිය ලිහිල් කළ ද කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ කොවිඩ් නයින්ටීන් උවදුර මර්දනය කිරීම හා සමගාමීව රටේ ආර්ථිකය, රාජ්‍ය යාන්ත්‍රණය සහ පුද්ගල ආර්ථිකය නොකඩවා පවත්වාගෙන යාම යන කරුණු සලකා සති 4ක කාලයක සිය දිවයින පුරා පැවති ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය තීරණය කළ බවයි.

මෙම අවස්ථාවේ දී වගකීමෙන් කටයුතු කිරීම සමස්ත ජනතාවගේ යුතුකමක් වන අතර සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් සහ රජය විසින් පනවා ඇති සීමාවන් නිසි ලෙස පිළිපදිමින් මෙම අභියෝගය ජයග්‍රහණය කිරීමට සහය වන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post