News Line| Off Air
Generic placeholder image

Apr
19

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ලොව වඩාත්ම මිල අධික නිවස මිලදී ගැනීමට සූදානමක

971 Views


සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ලොව වඩාත්ම මිල අධික නිවස මිලදී ගැනීමට සූදානමක

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් ඩොලර් මිලියන 300 ක ලංසුවක් පිලිගැනීමෙන් පසු නිව්කාසල් යුනයිටඩ් නම් ලොව වඩාත්ම මිල අධික නිවස මිලදී ගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මින් පෙරද ලෝකයේ වඩාත්ම මිල අධික නිවස ලෙස හදුන්වන Chateau  නිවස ඩොලර් මිලියන 230 කට සල්මාන් කුමරු විසින් මිලදී ගෙන ඇති අතර මෙවර ඔහු මිලදී ගැනීමට සූදානම් වන නිවස ඊට වඩා ඩොලර් මිලියන 70 ක් පමණක් වැඩි වීම පුුදුමයට කරුණක් බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඩොලර් මිලියන 230 කට මිලදී ගත් Chateau  නම් බින් සල්මාන් කුමරුගේ සුඛෝපබෝභී වාසස්ථානයේ විශ්මයජනක මින්මැදුරක් ද තිබෙනවා.

එමෙන්ම මෙය අධිතාක්‍ෂණික බවද විදෙස් වාර්තා පැවසුවා. මෙහි ශබ්ද පද්ධති, විදුලි පහන් සහ වායුසමීකරණ යන සියල්ලම අයිෆෝන් මගින් පාලනය වන බවයි එම වාර්තා වැඩි දුරටත් පැවසුවේ.

මේ බින් සල්මාන් කුමරු විසින් ඩොලර් මිලියන 230 කට මිලදී ගත් නිවසේ ඡායාරූප කිහිපයක් පහතින්.


News Articles
Latest Videos
Most Popular Post