News Line| Off Air
Generic placeholder image

Apr
20

මැතිවරණ කොමිසම හා සෞඛ්‍ය බලධාරින් අතර විශේෂ හමුවක් අද

1231 Views


මැතිවරණ කොමිසම හා සෞඛ්‍ය බලධාරින් අතර විශේෂ හමුවක් අද

මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය බලධාරින් හා මැතිවරණ කොමිසම අතර විශේෂ හමුවක් අද(20) පැවැත්වෙයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.00ට රාජගිරිය මැතිවරණ මහාලේකම් කාර්යාලයේදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඉදිරි මහා මැතිවරණය පැවැත්වීම සහ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිලිබද මෙහිදි වැඩි අවධානයක් යොමුවනු ඇති බව වාර්තා වෙයි.

මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත තත්වයක් රට තුළ පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් මැතිවරණ කොමිසම වෙත කරුණු ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා , රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරින් පිරිසක් සහභාගිවන බව මැතිවරණ කොමිසම් සභාව සඳහන් කළේය.

මේ අතර මැතිවරණ කොමිසම සහ ආරක්ෂක අංශ ප්‍රධානින් අතර විශේෂ සාකච්ඡාවක් මෙම සතිය තුළ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා මේ වන තෙක් නිශ්චිත දිනයක් තීරණය කර නොමැති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මහා මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබු අතර කොවිඩ්-19 වෛරස අවධානම හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිසම විසින් පියවර ගනු ලැබුවේය.


News Articles
Latest Videos
Most Popular Post