News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
21

පිළියන්දල ප‍්‍රදේශයෙන් හමු වූ ආසාධිතයා ඇසුරු කළ 11 දෙනෙකු පී.සී.ආර් පරීක්‍ෂණයට

831 Views


පිළියන්දල ප‍්‍රදේශයෙන් හමු වූ ආසාධිතයා ඇසුරු කළ 11 දෙනෙකු පී.සී.ආර් පරීක්‍ෂණයට

පිළියන්දල ප‍්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට කොරෝනා ආසාධනය වී ඇති බවට ඊයේ තහවුරු වීමත් සමග ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු ඇතුළු ඔහු ඇසුරු කළ පුද්ගලයින් 11 දෙනෙකු පී.සී.ආර් පරීක්‍ෂණයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව පිළියන්දල ප‍්‍රදේශයේ පවුල් 15 කට අයත් පුද්ගලයින් 71 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක්කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ඉන්දික එල්ලාවල සදහන් කළා.

කෙසේ වෙතත් මොහුට වෛරසය වැළදුනු ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි ඔහු සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post