News Line| Off Air
Generic placeholder image

Apr
22

පළාත් කිහිපයකට අදත් තද වැසි – වෙරළ බඩ මුහුදු ප්‍රදේශ වලට අනතුරු ඇඟවීමක්

597 Views


පළාත් කිහිපයකට අදත් තද වැසි – වෙරළ බඩ මුහුදු ප්‍රදේශ වලට අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මේ අතර බේරුවල සිට ගාල්ල, හම්බන්තොට හා පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් ඉහත සඳහන් ස්ථාන සඳහා තද වැසි හා තද සුළං ඇති විය හැකියි.

සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ක් පමණ විය හැකි බවද මේ හේතුවෙන් මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතන බවද එම දෙපාර්තමෙන්තුව පැවසුවා.

ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි කාලගුණ අංශ වැඩිදුරටත් දැනුම් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post