News Line| Off Air
Generic placeholder image

Apr
22

ඊයේ දිනයේත් අමෙරිකාවෙන් කොරෝනා මරණ 2802 ක්

863 Views


ඊයේ දිනයේත් අමෙරිකාවෙන් කොරෝනා මරණ 2802 ක්

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25න් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

අද(22) උදෑසන වන විට ආසාදිතයින් 25න් ලක්ෂ 56,421 දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන් පුද්ගලයින් හය ලක්ෂ 90,102ක් සුවය ලබා තිබෙනවා.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයන් එක් ලක්ෂ 77,439 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේ ද අමෙරිකාවෙන් වැඩිම ආසාදිතයන් හා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණා.

ගතවු පැය 24 තුළ එරටින් කොවිඩ් මරණ 2802ක් සිදුව ඇති බව සදහන්.

මේ වන විට අමෙරිකාවේ පුද්ගලයන් අට ලක්ෂ 19,805 දෙනෙකු ආසාදිතයන් බවට පත්ව ඇති අතර මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 45,316 ක්.

ස්පාඤ්ඤය ද ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබෙනවා.

එරට තුළ මරණ 21,282ක් ද සිදුව ඇති බවයි වාර්තා වනවා.

මීට අමතරව ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය සහ බ්‍රිතාන්‍යය ආසාදිතයින් ලක්ෂය ඉක්මවු සෙසු රටවල් බවට පත්ව ඇති බවයි විදෙස් වාර්තා වල දැක්වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post