කොරෝනා අසාධිතව පිළියන්දල ප්‍රදේශයෙන් හදුනාගත් පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණ ඇති බවට අනාවරණය විම හේතුවෙන් අද
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සියලු දෙනා PCR පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු තොග වෙළඳාමට පමණක් අද සිට සීමා කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.