News Line| Off Air
Generic placeholder image

Apr
23

කොරෝනා ආසාදිතයින් 218 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි

636 Views


කොරෝනා ආසාදිතයින් 218 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි

අද(23) පෙරවරුව වනවිට මෙරට සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 330 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ(22) රාත්‍රිය වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනා අතරින් 11 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

ඊයේ දිනයේ හඳුනා ගත් 12 වැනි ආසාදිතයා පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වූ අතර ඒ සමඟ එහි ගම්මාන 12ක් හුදෙකලා කිරීමට පියවර ගැනුණා.

අසාදිතයා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන අයෙක් බව පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවා.

එමෙන්ම ඔහු සමඟ ඍජු සබඳතා පැවැත්වූ අභයපුර පූමාඩිය ගම්මානයේ පවුල් 11ක 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 2කට යොමු කර තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ 13 වැනි ආසාදිතයා ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ජාඇළ සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉතිරි ආසාදිතයින් 07 දෙනා වාර්තා වී තිබුණේ කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයෙන්.

කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි ඔවුන් මීට පෙර නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබුණා.

මේ අනූව ඊයේ දවස තුළ වාර්තා වූ ආසාදිතයින් 20 දෙනා සමඟ මෙරට සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 330 දක්වා ඉහළ ගියා.

මේ වන විට ආසාදිතයින් 218 දෙනෙකු පූර්ණ වෛද්‍යය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

වෛරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 105ක් වන අතර මෙරටින් වාර්තා වන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 7ක්.


News Articles
Latest Videos
Most Popular Post