News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
23

කොරෝනා අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ මසක වැටුප ලබා දීමට එකඟත්වය

623 Views


කොරෝනා අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ මසක වැටුප ලබා දීමට එකඟත්වය

කොවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ එක් මසක වැටුප පරිත්‍යාග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය එකඟත්වය පළ කර තිබේ. අද(23) දිනයේ දී තමන් විසින් කළ මෙම යෝජනාවට අගමැතිවරයා විසින් සිය එකඟත්වය පළ කළ බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියි.

අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඛනිජ තෙල් බෙදා හැරීමේ පර්යන්තයේ සේවක මණ්ඩලවල එක් දිනක වැටුප වශයෙන් රුපියල් ලක්ෂ 142 කට ආසන්න මුදලක් කොවිඩ් 19 අරමුදල වෙත පරිත්‍යාග කර ඇත.

එම අවස්ථාවේ දී අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post