News Line| Off Air
Generic placeholder image

Apr
23

කොරෝනා නිසා ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන්න යුනිසෙෆ් අගමැතිව තෝරයි

766 Views


කොරෝනා නිසා ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන්න යුනිසෙෆ් අගමැතිව තෝරයි

කොවිඞ්-19 හෙවත් නව කොරෝනා ව්‍යසනය නිසා ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය විසින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මේ යටතේ ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් තොරා ගෙන ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

ඔහු ළමයින්ට සමීප රාජ්‍ය නායකයෙකු බැවින් යුනිසෙෆ් ආයතනය මෙම තෝරා ගැනීම කර ඇතැයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළා.

මේ අනුව කොවිඞ්-19 හෙවත් නව කොරෝනා ව්‍යසනය නිසා තමන් මුහුණ දී තිබෙන ගැටළු තප්පර 10ක විඩියෝවක් ලෙස පටිගත කර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට ළමයින්ට හැකියාව පවතිනවා.

අදාළ විඩියෝ අග‍්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම වෙත යොමු කළ යුතු වන අතර අග‍්‍රාමාත්‍යවරයා එම ප‍්‍රශ්නවලට සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේම පිළිතුරු ලබා දෙනු ඇති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව වයස අවුරුදු 18ට අඩු තැනැත්තන් ළමයින් ලෙස සැලකෙනවා.


News Articles
Latest Videos
Most Popular Post