News Line| Off Air
Generic placeholder image

Apr
24

ලොවපුරා කොවිඩ් මරණ ගණන 191,055ක් දක්වා ඉහළට

596 Views


ලොවපුරා කොවිඩ් මරණ ගණන 191,055ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ලොව පුරා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 27 ලක්ෂය ඉක්මවා තිබේ. මේ වන විට එම සංඛ්‍යාව දැක්වෙන්නේ 2,725,391ක් ලෙසයි.

මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 191,055ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගතවු පැය 24 තුළ දී ද අමෙරිකාවෙන් මරණ 2292ක් වාර්තාවන අතර බ්‍රිතාන්‍යයෙන් 638ක් , ප්‍රංශයෙන් 516ක් , ඉතාලියෙන් 464ක්, ස්පාඤඤයෙන් 440ක් සහ බ්‍රසිලයෙන් 407ක් වාර්තා වෙයි.

මේ අතර යුරෝපයේ කොවිඩ් නයින්ටීන් හේතුවෙන් මියගිය පිරිසෙන් අඩක් පමණ දිගුකාලිනව සත්කාරක නිවාසවල පදිංචිකරුවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානයේ යුරෝපිය අධ්‍යක්ෂ හාන්ස් ක්ලුජ් ප්‍රකාශ කළේ මෙය සිතාගත නොහැකි මිනිස් ඛේදවාචකයක් බවයි.

දිගුකාලීන සත්කාර පහසුකම් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබද නැවත සිතා බැලීම සහ සකස් කිරිම ක්ෂණික සහ හදිසි අවශ්‍යතාවක් බව ඔහු සඳහන් කර ඇත්තේ.

මේ අතර ඉන්දුනිසියාව අභ්‍යන්තර ගුවන් සේවා සහ මුහුදු ගමනාගමනය ලබන ජුනි මාසය දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්ක්‍රෝන් ප්‍රකාශ කර ඇත්තේ ලබන මස 11 වනදා පාසල් නැවත ආරම්භ කිරිමට තීරණය කළද දෙමව්පියගේ කැමැත්ත මත පමණක් දරුවන් පාසල් වෙත යොමුකිරිමට අවස්ථාව ලබා දි ඇති බවයි.

අකර්මණ්‍ය කර ඇති රුසියාව සහ ස්කොට්ලන්තය ද නැවත දැනුම්දෙන තෙක් අඛණ්ඩව එම තත්වයෙන් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.

රාමදාන් උපවාස කාලය තුළ මහජන ඒකරාශිවිම් තහනම් කිරීමට මැලේසියාව තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post