News Line| Off Air
Generic placeholder image

Apr
24

ගත වූ පැය 24 තුල ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් ගණන 650ක්

610 Views


ගත වූ පැය 24 තුල ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් ගණන 650ක්

ඊයේ(23) රාත්‍රීය තෙක් ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 650කට ආසන්න පිරිසක් සහ රථවාහන 165ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ නිතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මෙතෙක් අත්අඩංගුවට ගත් තැනැත්තන් පිලිබද ක්‍රියාත්මක වන බවයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන කාල වලදි පවා සෞඛ්‍ය උපදෙස් පරිදි ක්‍රියා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය සදහන් කළේය.

මේ අතර කොළඹ ,ගම්පහ ,කළුතර , පුත්තලම දිස්ත්‍රික්ක සහ වරකාපොළ , අලවතුගොඩ , අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ වලට ලිහිල් කර ඇති ඇදිරි නිතිය අද රාත්‍රී 8 සිට යළි ක්‍රියාත්මක වෙයි.

අදාළ ප්‍රදේශවලට පසුගිය සදුදා සිට දිනපතා උදෑසන 5 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ ඇදිරි නීතිය ඉවත් කෙරුණි.

එහෙත් අද රාත්‍රි 8ට ඇදිරි නිතිය යළි පැනවු පසු ලබන සදුදා උදැසන 5 තෙක් එය බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

කොළඹ ,ගම්පහ ,කළුතර , පුත්තලම දිස්ත්‍රික්ක වලට තවදුරටත් ඇදිරි නිතිය බලපැවැත්වෙන අතර එය ලිහිල් කිරිම පිළිබඳ තීරණය ඉදිරියේ දි දැනුම්දිමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post