News Line| Off Air
Generic placeholder image

Apr
24

ඇගලුම් කර්මාන්ත ශාලා සියයක හාම්පුතුන්ගෙන් සේවකයින් වෙත අනතුරු ඇගවීමක්

4406 Views


ඇගලුම් කර්මාන්ත ශාලා සියයක හාම්පුතුන්ගෙන් සේවකයින් වෙත අනතුරු ඇගවීමක්

ශ‍්‍රමිකයන් පන් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් රැකියාවේ නියුතු සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් කර්මාන්ත ශාලා සියයක පමණ හාම්පුතුන් තම සේවකයින්ට මේ මස වැටුප ලබාදිය නොහැකි බව කම්කරු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා.

ඔවුන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ මහලේඛම් එම්.ටී.පී කුරේ කියාසිටියේ පසුගිය වසරේ මාර්තු මාසය හා සැසදීමේදී මෙම වසරේ එම මාසය තුළ ඇගලුම් නිෂ්පාදනයද විශාල ලෙස පහත වැටි ඇති බවයි.

පසුගියදා යුනිසෙෆ් සංවිධානය කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත දැනුම් දී තිබුණේ කොරෝනා මර්ධන කටයුතු සදහා අවශ්‍ය මුහුණු ආවරණ ලක්ෂ 15 ක් පමණ සතියකට ලබාගත හැකි බවයි.

කෙසේ වෙතත් මේවා නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය අමද‍්‍රව්‍ය සපයා ගැනීමට ගැටලු මතු වී ඇති බව ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ මහලේඛම්වරයා වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post