News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
24

අද රෑ 8 සිට ලබන සඳුදා දක්වා දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය

1184 Views


අද රෑ 8 සිට ලබන සඳුදා දක්වා දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය

කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවලටත්, අලවතුගොඩ, වරකාපොළ හා අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශවලත් හැර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල අද අලුයම 5 ට ලිහිල් කෙරුණු පොලිස් ඇඳිරි නීතිය යළි අද රාත්‍රී 8 ට පැනවීමට නියමිතය.

කෙසේ වෙතත් එම දිස්ත්‍රික්කවල සති අන්තයේ පොලිස් ඇදිරි නීතිය ලිහිල් කෙරෙන්නේ නැත. ඒ අනුව අද රාත්‍රී 8 ට පැන‍වෙන පොලිස් ඇඳිරි නීතිය 27 වැනි සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වනු ඇති.

පොලිස් ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කරමින් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයට අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම හෝ පිටවීම සියලුදෙනාට සම්පුර්ණයෙන් තහනම් ය.

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් මීට පෙර ප්‍රකාශයට පත් කළ කොන්දේසි හා උපදෙස් නොවෙනස්ව පවතින බව ද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ හෝ ලිහිල් කළ කාලය තුළ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයන, සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන පුද්ගලයින්ට එරෙහිව මාස 6 ක සිරදඬුවමක් පැනවීමේ හැකියාව පවතින බවයි.

පොලිස් ඇඳිරි නීතිය බලාත්මක හා ලිහිල් කළ ප්‍රදේශවල ජනතාව පරීක්ෂා කිරීම සඳහා මාර්ග බාධක 944 ක් යොදා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.


News Articles
Latest Videos
Most Popular Post