News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
24

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට යළි විවෘතයි

883 Views


පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට යළි විවෘතයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තොග වෙළඳාම සඳහා හෙට (25) දිනයේ සිට යළි විවෘත කරන බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳුන්ගේ සංගමය පවසනවා.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු ලබාගත් පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකු හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වීමත් සමඟ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට පසුගියදා තීරණය කළා.

ඒ අනුව පසුගිය 22 දිනයේ සිට දින 3 ක කාලයක් සඳහා මත්ස්‍ය වෙළඳසැල වසා තැබීමට කටයුතු කළා.

කෙසේවෙතත් PCR පරික්ෂණ සඳහා යොමුකළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්, සේවකයින් ඇතුළු 529 දෙනාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව හෙට සිට තොග වෙළඳුන් සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය යළි විවෘත කිරීම සඳහා තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් සිල්ලර වෙළඳාම සිදු නොවන බවත් තොග වෙළඳුන් පමණක් එම ස්ථානයට පැමිණිය යුතු බවත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ ක‍ළා.

එසේ පැමිණෙන වෙළඳුන්ටද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙස ඉල්ලීමක් කරන බවත් සභාපතිවරයා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post