නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව නාවික හමුදාව පවසනවා.
නාවික භටයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව එම කදවුරේ නාවිකයින් 4000 ක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෛරස ආසාදිත පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සදහන් කළා.
ආසාදිත නාවිකයින් ඇසුරු කළ බවට හදුනාගත් නිවාඩු මත සිටින නාවිකයින් නැවත කඳවුර වෙත ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති අතර නිවාඩු මත සිටින සෙසු සාමාජිකයින් ඔවුන්ගේ නිවෙස්වලම තැබීමට කටයුතු කර තිබෙනවා.
නිවාඩු මත හෝ කදවුරින් බැහැරව සිටින ඕනෑම පුද්ගලයෙකු පිළිබදව 0112 44 53 68 හා 0117 19 22 51 යන දුරකතන අංක, 0112 44 14 54 යන ෆැක්ස් අංකය සහ 011 220 13 65 යන වට්ස්ඇප් අංකය ඔස්සේ තොරතුරු දැනගත හැකි බවයි නාවික හමුදාව පැවසුවේ.