News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
24

ලෝක සෞඛ්‍ය සංවිධානයට යළි අමෙරිකාව ආධාර නොදෙන බව ප්‍රකාශ කරයි

585 Views


ලෝක සෞඛ්‍ය සංවිධානයට යළි අමෙරිකාව ආධාර නොදෙන බව ප්‍රකාශ කරයි

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන අධාර නවතා තිබෙනවා. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසන්නේ
ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාවෙන් ලබා දෙන අධාර කිසිදිනක නැවත ලබා නොදෙනු ඇති බවයි.

මේ වන විට ගත වූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් අඛණ්ඩව වාර්තා වන්නේ අමෙරිකාවෙනි. එම ගණන , 2,110 ක්. ඒ අනුව අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 49,769 දක්වා ඉහළ ගොස් තිබෙන අතර අමෙරිකාවෙන් වාර්තා වන අසාදිතයින් ගණන 879,430 කි.

මේ අතර අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත අමෙරිකාවෙන් ලබා දෙන ආධාර නවතා ඇති පසුබිමක චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඩොලර් මිලියන 30 ක පරිත්‍යාගයක් කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post