News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
25

මුම්බායි නුවර සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

818 Views


මුම්බායි නුවර සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලාංකික සිසුන් 163 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපල වසා දැමීමත් සමඟ ඉන්දියාවේ සිරවී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 143 දරණ ගුවන් යානය අද (25) උදෑසන 09.10ට ඉන්දියාවේ මුම්බායි වෙත පිටත්ව ගියේය.

මෙම ගුවන් යානය අද පස්වරු 2.35ට පමණ යළි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟා වී ඇත.


News Articles
Latest Videos
Most Popular Post