News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
25

අද දිනයේ වාර්තා වූ කොරෝනා ආසාධිතයින් පිලිබද තොරතුරු

896 Views


අද දිනයේ වාර්තා වූ කොරෝනා ආසාධිතයින් පිලිබද තොරතුරු

අද දිනයේ මේ වන විට කොරෝනා ආසාධිතයින් 15 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

පළමුවෙන් වාර්තා වූ රෝගීන් 13 දෙනා පිලිබද තොරතුරු කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.

එම රෝගීන් 13 දෙනාගෙන් 07 දෙනෙකුම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක්.

එක් අයෙක් කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශයේ වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙක්.

තවත් රෝගීන් 04 දෙනෙකු වැලිසර නාවික හමුදා කදවුරෙන් වාර්තා වී ඇති අතර අනෙක් රෝගියා මොණරාගල රෝහලෙන් වාර්තා වන නාවිකයෙක්.


News Articles
Latest Videos
Most Popular Post