News Line| Off Air
Generic placeholder image

Apr
25

ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි 15 දක්වා දීර්ඝ කරයි

693 Views


ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි 15 දක්වා දීර්ඝ කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.

COVID 19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 මැයි මස 15 තෙක් මෙලෙස දීර්ඝ කළා.

කෙසේ වෙතත් රජයට සහය දැක්වීම සඳහා අත්‍යවශ්‍ය බෙහෙත්, වෛද්‍ය සම්පත්, උපකරණ මෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා පවතින ලෝක ව්‍යාප්ත ජාලය අනුව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති.

එසේම විශේෂ මගී ගුවන් ගමන් ද ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළා.

මේ පි‍ළිබඳ වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් සඳහා මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමෙන් සහ ළඟම ඇති ශ්‍රී ලංකන් කාර්යාලය වෙතින් මෙන්ම +94117771979 යන දුරකතන අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකියි.

එසේම වැඩි විස්තර සඳහා www.srilankan.com වෙබ් අඩවියද හදුන්වා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post