News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
26

සියලු ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ හා සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගු කරයි

770 Views


සියලු ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ හා සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගු කරයි

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි හා සෙසු නිලධාරින්ගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කර ඇත.

ඒ අනුව දැනට නිවාඩු මත සිටින නීලධාරි හා සෙසු නිලධාරින් කඩිනමින් තමන් සේවය කරන කඳවුරු වෙත වාර්තා කල යුතුයි.

එලෙස නිවාඩු මත සිටින නිලධාරි හා සෙසු නිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන් කර තිබුණේ නිලධාරීන් සහ සෙසු නිලධාරින් සඳහා ලබා දී ඇති සියලුම නිවාඩු අවලංගු කිරීමේ තීරණය අද( ‍26) දින ගනු ලැබූ බවයි.


News Articles
Latest Videos
Most Popular Post