News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
26

වැලිසරදී මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි

902 Views


වැලිසරදී මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි

වැලිසර නාවික හමුදා රෝහලේදී මියගිය නාවික හමුදා නිලධාරියා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී තිබෙනවා.

පී.සී.ආර් පරික්ෂණ වාර්තාවෙන් මේ බව තහවුරු වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරුසූරිය බණ්ඩාර මහතා පැවසුවා.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ ගලෙන්බිදුණු වැව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ලුතිතන් කමාන්ඩර්වරයෙකු වන මෙම හමුදා නිලධාරියා රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 18 වනදා වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කර තිබුණා.

එහිදී ඔහු මී උණ රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබූ අතර වකුගඩුවල ක්‍රියාකාරිත්වය අකර්මන්‍යවිමෙන් ඊයේ රාත්‍රියේ එම නිලධාරියා මියගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

කෙසේවෙතත් අදාල නිලධාරියා නේවාසිකව ප්‍රතිකාර ලැබූ වැලිසර නාවික හමුදා රෝහල් වාට්ටුව තුළ සිටි තවත් නාවික හමුදා සාමාජිකයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙම තත්ත්වය තුළ නාවික හමුදා නිලධාරියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුකූලව සිදු කිරිමට රාගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිර්දේශ කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post