චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් අද වන විට ලොව පුරා සිදුව ඇති සමස්ත මරණ ගණන ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා.
ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් මරණ 2,494 ක් වාර්තා වුණා.
ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන තුනකට ආසන්න වෙමින් පවතිනවා.
වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ දෙලක්ෂය ඉක්මවද්දී අමෙරිකාවේ මරණ 54,256 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 2,494 ක්.
මේ අතර රැඳවූවන් 2500ක් සිටින ඔහායෝ ප්‍රාන්තයේ බන්ධනාගාරයක 2300 දෙනෙකු පරික්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව ඔවුන්ගෙන් 2028 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වූ බව විදෙස් වාර්තා පැවසුවා.
කෙසේ වෙතත් ඒ අතරින් රැඳවූවන් සියයට 95 කට ආසන්න පිරිසක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොතිබීම විශේෂත්වයක්.