News Line| Off Air
Generic placeholder image

Apr
27

සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල අන්තර්ජාලයට – සිසුන් 10 346 කට විෂයන් 09 ටම A සාමාර්ථ

704 Views


සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල අන්තර්ජාලයට – සිසුන් 10 346 කට විෂයන් 09 ටම A සාමාර්ථ

සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගෙන් සියයට 73 යි දශම 84 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ගණිතය සමත් ප‍්‍රතිශතය සියයට 66 යි දශම 82 ක්.

විෂයන් 09 සඳහාම සිසුන් 10 346 ක් සාමාර්ථ ලබාගෙන තිබෙනවා.

2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵළ අද පස්වරුවේ අන්තර්ජාලයට නිකුත් කළා.

www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප‍්‍රතිඵල ලබා ගත හැකියි.

ප‍්‍රතිඵල සම්බන්ධ විමසීම් සිදුකිරීම සඳහා දුරකථන අංක කිහිපයක් හªන්වාදී තිබෙනවා.

011 2 784 208 / 011 2 784 537 / 011 3 188 350 හෝ 011 3 140 314 යන දුරකතන අංක ඔස්සේ පාසල් විභාග හා ප‍්‍රතිඵල ශාඛාව ඇමතීමෙන් ඒ සම්බන්ධ තොරතුරු දැනගත හැකියි.

19 11 ක්ෂණික දුරනථන අංක ඇමතීමෙන්ද ප‍්‍රතිඵල සම්බන්ධ තොරතුරු දැනගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4989 කදී පසුගිය වසරේ දෙසැම්බර් මස 02 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වුණා.

විභාගය සඳහා පෙනී සිටි පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 33 189 ක්.

පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ 84 057 දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා.


News Articles
Latest Videos
Most Popular Post