News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
27

සෞදි අරාබිය බාල වයස්කරුවන්ට මරණ දඩුවම දීම අත්හිටුවයි

1151 Views


සෞදි අරාබිය බාල වයස්කරුවන්ට මරණ දඩුවම දීම අත්හිටුවයි

බාල වයස්කරුවන්ට මරණ දඩුවම දීම අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා.

අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට ලබාදෙන සිර දඩුවම් කාලසීමාවද වසර 10 ක් දක්වා අඩු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මානව හිමිකම් චෝදනා වලට ප‍්‍රතිචාරයක් ලෙස සෞදි රජය මෙම තීරණය ගෙන ඇති බව විශ්වාස කෙරෙනවා.

සෞදි පරිපාලනය මෑතක සිට සමාජ හා නීති ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post