News Line| Off Air
Generic placeholder image

Apr
27

අද කාලගුණය

535 Views


අද කාලගුණය

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද(27) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන්ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post