News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
27

වැලිසර නාවික හමුදා කඳවුරු තුළ නිරෝධායන ක්‍රියාවලීන් තවදුරටත්

848 Views


වැලිසර නාවික හමුදා කඳවුරු තුළ නිරෝධායන ක්‍රියාවලීන් තවදුරටත්

හුදකලා කරන ලද වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ නිරෝධායන ක්‍රියාවලීන් සහ ආසාදිත පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමුකිරීම තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසයි.

මේ වන විට වැලිසර නාවික හමුදා කදවුර සම්පූර්ණයෙන්ම හුදකලා කර තිබේ.කඳවුරු පරිශ්‍රය ආවරණය වන පරිදි විෂබීජහරණය කිරීමට ද පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

කඳවුරු පරිශ්‍රය තුළ දී වෛරස ආසාදිතයින් පසුගියදා හදුනාගැනීමත් සමග ඔවුන් සමඟ සබදතා පැවැත්වු පුද්ගලයින් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමුකිරීමට පියවර ගෙන තිබේ.

පරීක්ෂණ මගින් හදුනා ගන්නා ආසාදිතයින් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමට සුදුසු රෝහලක් වශයෙන් වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටා ඇති නාවික මහ රෝහල යොදා ගැනීමට මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post