News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
28

කොරෝනා රෝගීන් ගණන 611 ක් දක්වා ඉහළට

731 Views


කොරෝනා රෝගීන් ගණන 611 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා රෝගීන් 12 ක් වාර්තා වෙනවා. අද(28) රාත්‍රී 7.30 වන විට කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 611 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ සුවය ලැබු පිරිස සමඟ මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 134 ක් දක්වා වැඩි විය.

කෙසේ වෙතත් පුද්ගලයින් 470 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි. ලංකාවේ කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීට පෙර අද දිනයේ දී නව ආසාදිතයින් 08 දෙනෙකු හඳුනා ගැණුනි. අද දිනයේදී හඳුනාගත් ආසාදිතයින්ගෙන් 05 දෙනෙකු නාවික හමුදා සෙබලුන් වන අතර අනෙක් තිදෙනා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනා ගෙන තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 08 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අයි.ඩී.එච්, වැලිකන්ද සහ ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

t


News Articles
Latest Videos
Most Popular Post