ලොවපුරා කොරෝනා ආසාධිතයින් මේ වන විට තිස් ලක්‍ෂ 60,000 ඉක්මවා තිබෙනවා. වෛරසය ආසාධනය වී ලොව පුරා සිදුව තිබෙන මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ 11,000 ක්.
කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති අමෙරිකා එක්සත් ජනපදයේ මේ වන විට ආසාධිතයින් සංඛ්‍ය දස ලක්‍ෂය ඉක්මවා තිබෙනවා.
එහි සිදුව ඇති මරණ සංඛ්‍යාව 56,677 ක්.
එමෙන්ම ඉතාලියේ කොරෝනා මරණ 26,977 ක් සිදුව ඇති අතර ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 23,521 ක් සිදුව තිබෙනවා.
ප‍්‍රංශයේ මරණ 23,000 ක් සිදුව ඇති අතර බි‍්‍රතාන්‍යයේ මරණ 21,000 ඉක්මවනවා.