News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
28

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

1206 Views


පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන්  ජනතාවට විශේෂ දැනුම් දීමක්

‘ණය සහනය 2020’ යනුවෙන් ගූගල්හි පවතින ලියවිල්ලක් පිළිබඳව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙවත් සර්ට් ආයතනය මහජනතාවගේ අවධානය යොමු කර තිබේ.

සර්ට් ආයතනය දැනුම් දෙන්නේ, අදාළ ලියවිල්ල වට්ස් ඇප් යෙදුම ඔස්සේ බොහෝ විට ලැබෙන අතර, ඊට පෞද්ගලික තොරතුරු හෝ බැංකු ගිණුම් යනාදිය පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින ලෙසය.

මෙම ලියවිල්ල සාවද්‍ය එකක් බවත්, එය දත්ත පැහැර ගැනීමේ මෙවලමක් බවත් සර්ට් ආයතනය පෙන්වා දෙන්නේය.

එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ, මේ තුළින් ක්‍රෙඩිට් කාඩ් තොරතුරු හා සමාජ මාධ්‍යවලට පිවිසෙන ක්‍රමවේද ආදිය ඩැහැ ගැනීමට හැකියාව ඇති බැවින් අවධානයෙන් සිටිය යුතු බවය.


News Articles
Latest Videos
Most Popular Post