News Line| Off Air
Generic placeholder image

Apr
29

රිෂාඩ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

887 Views


රිෂාඩ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණය සමයේ රජයේ ප්‍රවාහන සේවාවන් යොදාගෙන පුත්තලම ප්‍රදේශයේ ඡන්ද දායකයින් ප්‍රවාහනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එම පරීක්ෂණයට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය සූදානම් වන බව හිටපු අමාත්‍යවරයා පවසයි.

මෙම සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා රහස් පොලිසිය ද්වේෂ සහගත ලෙස තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි කියා සිටින්නේ.

මේ තුලින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට අත්‍යාසන්න තත්වයක උද්ගතව තිබෙන බවට නියෝගයක් ලබා දෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තමන්වත් අත්අඩංගුට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කර ලෙසත් පෙත්සම්කාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.


News Articles
Latest Videos
Most Popular Post