News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
29

අද කාලගුණය

806 Views


අද කාලගුණය

ඌව, නැගෙනිහිර සහ උතුරු මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි ‍හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙයි.

බස්නාහිර හා දකුණු පළාත්වලත් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්න‌ේ.

පොළොන්නරුව, මාතලේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර 100 කට වැඩි වර්ෂාපතනයක් ද ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තද සුළං ද ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


News Articles
Latest Videos
Most Popular Post