News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
30

ඩෙංගු අවදානම ඉහළට

977 Views


ඩෙංගු අවදානම ඉහළට

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල ඩෙංගු අවදානම ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග එලෙස අවදානමක් මතුවන බවයි.

මේ හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. වසරේ ගත වූ කාල සීමාව තුළ දිවයින පුරා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 18,000 කට ආසන්න ය.

එම කාල සීමාව තුළ ඩෙංගු වැළදීමෙන් කිසිදු පුද්ගලයෙකු මියගොස් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.


News Articles
Latest Videos
Most Popular Post