News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
30

ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් අභාවප්‍රාප්ත වෙයි

1282 Views


ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් ඉන්දියාවේ, මුම්බායිහි රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ. 67 හැවිරිදි ඔහු කපූර් පවුලෙන් පැවත එන අතර හින්දි සිනමා කර්මාන්තයේ දිගු කලක් ආධිපත්‍යය දැරු නළුවෙකු ලෙස හැඳින්විය හැකිය.

1973 දී බොබී චිත්‍රපටයේ රිෂී කපූර් සිය පළමු ප්‍රධාන චරිතය රඟපෑවේය.

ඔහු දශක දෙකකට අධික කාලයක් පුරා චිත්‍රපට ගණනාවත ප්‍රේමාන්විත චරිතයක් රඟපෑවේය. රිෂී කපූර් 2018 දී පිළිකාවක් වැළඳී ඇති අතර නිව්යෝක් හි වසරක ප්‍රතිකාරයකින් පසු පසුගිය සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණියේය.

හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඔහු රෝහලට ගෙන ගිය බව ඔහුගේ සහෝදර රන්දීර් කපූර් කියා සිටි බව විදෙස් මාධ්‍ය පවසයි. රිෂි කපූර් 1970 දී ළමා නළුවෙකු ලෙස ඔහුගේ පියා රාජ් කපූර්ගේ චිත්‍රපටය වන මේරා නාම් ජෝකර් චිත්‍රපටයෙන් රංගනයෙන් දායක විය.

රිෂි කපුර්ගේ අභාවය පිළිබද ඉන්දීය සිනමාවේදින් සිය සංවේගය පල කර තිබේ


News Articles
Latest Videos
Most Popular Post