ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් හදුනාගත් ආසාධිතයින්ගෙන් 14 දෙනෙකු මත්ද‍්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව පොලිසිය පැවසුවා.
කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මත්ද‍්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් හරහා මෙම වෛරසව නාගලන්වීදිය මෙන්ම ගුණසිංහපුර යන ප‍්‍රදේශ වලට ව්‍යාප්ත වී ඇති බවයි.
කොළඹ අවට මහල් නිවාස සහ වතු ආශි‍්‍රත ජනතාව මෙම වෛරසය ව්‍යාප්තිය පිලිබද වඩා සැලකිලිමත් විය යුතු බවද අජිත් රෝහණ මහතා පැවසුවා.
එම මහල් නිවාස වල සහ වතු ආශි‍්‍රතව බාහිර පුද්ගලයෙකු පැමිණ නවාතැන් ගැනීමට උත්සහ කරන්නේ ඒ සම්බන්ධයෙන් ඉඩ ලබානොදිය බවද අජිත් රෝහණ මහතා අවධාරණය කළා.
එමෙන්ම එලෙස පැමිණිය හොත් සෞඛ්‍ය බලධාරීන්ට හෝ පොලිසියට දැනුම් දෙන ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා.
විශේෂයෙන්ම මත්ද‍්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගෙන් ආසාධිත පොකුරු නිර්මාණය වීම වැළැක්වීම මෙහි ප‍්‍රධාන අරමුණ බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.