News Line| Off Air
Generic placeholder image

Apr
30

අද රාත්‍රී 8 පැනවූ ඇඳිරි නීතිය මැයි 04 වනදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ක්‍රියාත්මකයි

694 Views


අද රාත්‍රී 8 පැනවූ ඇඳිරි නීතිය මැයි 04 වනදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ක්‍රියාත්මකයි

අද (30) රාත්‍රී 8 සිට එළැඹෙන මැයි 04 වනදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළා.

ඒ අනුව එළැඹෙන සති අන්තයේ ඇඳිරි නීති උල්ලංගණය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් පැවසුවා.

කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අදත් අලුයම 5ට තාවකාලිකව ලිහිල් කෙරුණා.

ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු දිස්ත්‍රික්ක 21 සඳහා අද රාත්‍රි 8.00 සිට යළි ඇඳිරි නීතිය පැනවීමත් සමග එළැඹෙන මැයි 04 වනදා සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලැපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන්.

ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 42,365ක් වන අතර පොලිස් භාරයට ගැනුණු සමස්ත වාහන ගණන 10,982ක්.


News Articles
Latest Videos
Most Popular Post