News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
30

කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

929 Views


කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

තද සුළං හා මුහුද රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඒ අනුව ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු හේතුවෙන් මෙම තත්ත්වය ඇති වෙයි.

එහිදී පෙර සඳහන් කළ ස්ථානයන්ගේ මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ත් අතර විය හැකියි.

මුහුදේ රළ ද ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී. ධීවර හා නාවිකයන්ට මේ පිළිබඳව අවධානයෙන් ඉන්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


News Articles
Latest Videos
Most Popular Post