News Line| Off Air
Generic placeholder image

May
2

වෙසක් සැමරිය යුතු ආකාරය ගැන අගමැතිගෙන් ඉල්ලීමක්

773 Views


වෙසක් සැමරිය යුතු ආකාරය ගැන අගමැතිගෙන් ඉල්ලීමක්

රටේ පවතින සෞඛ්‍ය අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන නිවසේ සිට වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත් වල නිරත වන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සදහා මූලිකත්වය දෙන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වෙසක් සැරසිලි සහ පහන් දැල්වීම සදහා අවශ්‍ය අමුද‍්‍රව්‍ය බාධාවකින් තොරව නිවෙස්වලටම සැපයීමේ අවස්ථාව වෙළදුන්ට සලසමින් සෞඛ්‍ය උපදෙස් ආරක්ෂා කර ගැනීම සදහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල සහය තමන් අපේක්ෂා කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළා.

සෞඛ්‍ය අවධානම සැලකිල්ලට ගනිමින් පාසල් වසා දැමීම නිසා ඒකාකාරී ජීවන රටාවකට මුහුණ දී සිටින දරුවන්ට මේ මගින් නව අත්දැකීමක් ලබාදීමේ අවස්ථාව හිමි වනවා.

එමෙන්ම වෙසක් දිනයේ ආගමික වතාවත්, නිවසේ සිට සිදුකිරීමට අවශ්‍ය සහය විද්‍යුත් මාධ්‍ය මගින්ද ලබාදෙනු ඇතැයි තමා අපේක්‍ෂා කරන බව අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post