News Line| Off Air
Generic placeholder image

May
2

කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 160ක්

701 Views


කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 160ක්

කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති කොවිඩ්-19න් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයට අමතරව අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 65 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 දෙනෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 690 දෙනා අතරින් 296 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයන් වන අතර වැලිසර නාවික හමුදා කඳවුරෙන් පමණක් ආසාදිතයින් 217 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post