News Line| Off Air
Generic placeholder image

May
2

කොරෝනා තවත් වසර 2 ක් ලොව පුරා පවතින බවට අනාවැකියක්

1215 Views


කොරෝනා තවත් වසර 2 ක් ලොව පුරා පවතින බවට අනාවැකියක්

කොවිඩ් 19 වෛරසය තවත් වසර දෙකක පමණ කාලයක් ලෝකය පුරා ව්‍යාප්ත වනු ඇති බව අමෙරිකාවේ වසංගත විද්‍යාඥයන් පිරිසක් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි. වෛරසය හේතුවෙන් අද වන විට සිදුව ඇති මරණ ගණන 233,000 ක් වන අතර මුළු ආසාදිතයන් ගණන මිලියන 3.2 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් 19 වෛරසයට ගොදුරු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සුවය ලබද් දී පසුගියදා රාත්‍රියේ අනාවරණ වූයේ රුසියානු අග්‍රාමාත්‍ය මිකායිල් මිෂස්ටීන්ට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවයි.

ඔහු එරට ජනාධිපති විල්ඩිමිර් පුටින් වෙත දුරකතන ඔස්සේ වීඩියෝ ඇමතුමක් ගනිමින් තමා පත්ව ඇති තත්ත්වය අනාවරණ කරනු ලැබීය.

ඒ අනුව තමා හුදකලා වී සිටින බවත් , අදාළ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

රුසියාවෙන් කොවිඩ් ආසාදිතයින් 106,498 ක් වාර්තා වී ඇති අතර, එරට සිදුව ඇති මරණ ගණන 1,073 ක්.


News Articles
Latest Videos
Most Popular Post