කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් විසි පස්දෙනෙකු ඊයේ දිනය තුළදී මෙරටින් සොයා ගත්තේය. ඉන් දහඅටදෙනෙක් නාවික හමුදා සෙබළුන් වෙයි.
ගතවු පැය 24ක කාලය තුල කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 25 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 690 දක්වා ඉහළ ගියේය.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සියල්ල හඳුනාගෙන ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා සදහන් කළේය.
අද (02) දින තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය අතර ඒ අනුව පූර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 172ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවත් පුද්ගලයන් 511 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන හතක පසුවන බවයි.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සම්බන්ධයෙන් සියලු තොරතුරු බුද්ධි අංශ සතුව පවතින බව රාජ්‍ය බුද්ධි අංශය පවසයි.