News Line| Off Air
Generic placeholder image

May
2

ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ වාර්තාගත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාවක්

1272 Views


ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ වාර්තාගත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාවක්

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාධිතයින් 2293 ක් වාර්තා වී තිබෙනවා.

එය ඉන්දියාවෙන් දිනකදී මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාධිතයින් සංඛ්‍යාවයි.

මේ සමග ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 37,336 දක්වා ඉහළගොස් තිබෙනවා.

එමෙන්ම ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ 71 ක් වාර්තා වන අතර එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 1218 ක්.

පසුගිය මාර්තු 25 වනදා සිට වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි ඉන්දියාව වසා දැමීමට තීරණය කළා.

එම සීමාවන් මැයි 04 වනදා අවසන් වීමට නියමිතව තිබුණද තවත් සති දෙකක් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post