News Line| Off Air
Generic placeholder image

May
3

ලොවපුරා කොරෝනා මරණ දෙලක්ෂ හතළිස් හතරදහස ඉක්මවයි

1262 Views


ලොවපුරා කොරෝනා මරණ දෙලක්ෂ හතළිස් හතරදහස ඉක්මවයි

කොවිඩ් – 19 හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ ගණන දෙලක්ෂ හතළිස් හතරදහස් හත්සියය ඉක්මවන අතර මුළු ආසාදිතයන් ගණන තිස් හතර ලක්ෂ අසූ තුන්දහස් තුන්සිය හතළිස් හතක් දක්වා ඉහළ ගොස් තිබේ.

අදින් මාස තුනකට ආසන්න කාලයකට පෙර එනම්, පසුගිය ජනවාරි මස 12 වන දා වන විට කොවිඩ් 19 වෛරසය චීනයට පමණක් සීමා වුණි.

වෛරසය මුලින් ම ආරම්භ වූ එරටින් පිටතදී එක ම ආසාදිතයෙකු හෝ එතෙක් වාර්තා වුණේ නොමැත.

එහෙත් පසු දින, එනම් ජනවාරි 13 වන දා කොවිඩ් 19 ගෝලීය ප්‍රශ්නයක් බවට පත්විය.

තායිලන්තයෙන් රෝගියෙකු වාර්තා වූ අතර අනතුරුව ජපානයෙන් සහ දකුණු කොරියාවෙන් ද වෛරස් ආසාදිත පුද්ගලයන් හමු වන්නට පටන් ගත්තේය.

ඉතා ඉක්මනින් අමෙරිකා එක්සත් ජනපදයත් වෛරසයට ගොදුරු වුණි.

අද වනවිට වෛරසය පාලනය කර ගැනීමට අපහසු දුෂ්කර ප්‍රවාහයක් බවට තිබේ.

අද මේ මොහොත වන විට ලෝකය පුරා කොවිඩ් 19 වෛරසය ආසාදිත ජන සංඛ්‍යාව 3,483,300 ඉක්මවා අවසන්ය


News Articles
Latest Videos
Most Popular Post