News Line| Off Air
Generic placeholder image

May
3

මැයි මස විශ්‍රාම වැටුප හා රුපියල් 5000 දීමනාව ගෙවීම හෙට සිට ඇරඹෙයි

1017 Views


මැයි මස විශ්‍රාම වැටුප හා රුපියල් 5000 දීමනාව ගෙවීම හෙට සිට ඇරඹෙයි

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහාද ගෙවීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මැයි මස දීමනාව ගෙවීම හෙට(04) ඇරඹෙන අතර වෙසක් පුර පසළොස්වක පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද දැනුම් දී තිබෙනවා.

වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් 5000 බැගින් ගෙවීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබෙනවා.

මෙම කණ්ඩායම්වලට අයත් මුල්‍ ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයට ද දීමනාව හිමි වනු ඇති.

‍මේ අතර මැයි මාසය සඳහා විශ්‍රාම මුදල් ගෙවීම හෙට ආරම්භ කොට පොහොයට පෙර අවසන් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post