පුද්ගලයන් දාහත්ලක්‍ෂ හතළිස් අට දහස් විසි දෙනෙකු සදහා රුපියල් 5000 දීමනාව ගෙවා අවසන් බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඒ සදහා රුපියල් මිලියන 8015 කට අධික මුදලක් වැය කළ බව එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසුවා.
සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභී පවුල් විසිපන් ලක්‍ෂයකට වැඩි පිරිසක් සදහා රුපියල් 5000 දීමනාව ලබාදීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 12,627 ක්.
සහන ලැබිය යුතු බවට හදුනාගත් තවත් පුද්ගලයින් පිරිසක් සදහාද මුදල් ගෙවා අවසන් කර තිබෙනවා.
මේ අතර රුපියල් 5000 දීමනාව ලබාගැනීම සදහා අභියාචනා රැසක් ලැබෙමින් ඇතැයිද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා ප‍්‍රකාශ කළා.