අප්‍රේල් මස 25 වන දින කොවිඩ් – 19 ආසාධිතයෙකු වශයෙන් හඳුනා ගැනීමෙන් පසුව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරීයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
මෙම නාවික හමුදා නිළධාරියා 2020 අප්‍රේල් මස 22 වන දින සිට නිවාඩු මත සිටියදී 2020 අප්‍රේල් මස 25 වන දින රත්නපුර රෝහල වෙත ඇතුලත් කර PCR පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව් – 19 ආසාධනය වී ඇති බව හදුනා ගැනුණා.
පසුව ඔහු ප්‍රථිකාර සඳහා එදිනම අයි.ඩී.එච් රෝහල වෙත යොමු කළැ අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රථිකාර ලබා දීමේදී වරින් වර සිදු කල PCR පරීක්‍ෂණ තුනක ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුළ නොමැති බව තහවුරු වීම නිසා ඊයේ(03) රෝහලින් පිටත් කර හැරීමට කටයුතු කර තිබෙනවා.
අදාල නාවික පුද්ගලයා රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඔහුගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර සිටිනවා.